undefined
undefined
undefined
ඔයාගෙ ගඩොල් බාගෙ තාම Root කරගන්න බැරි වුනාද....???
ඔන්න
අද මැක්සා Post එකක් අරගෙන බ්ලොගියට ආවෙ. ගොඩාක් අයට තියෙන ලොකු ප්රශ්නයක් තමයි කොහොමද තමන්ගෙ Android Phone එක Root කරන්නෙ කියලා. ඉතින් Phone Shop එකකට දීලා Root කරගත්තොත් රු.500, 1000, 1500 ක් විතර වියදම් කරන්න වෙනවා. බොරුවට සල්ලි වියදම් කරන්නෙ මොකද වැඩ දන්න්වනම්. නොදන්න එකනෙ ප්රශ්නෙ නේද? අව්ලක් නෑ අද වැඩේ දැනගමු.
රූට්
කරනවා කියන්නෙත් ටිකක් අමාරු දෙයක් මොකද වැඩේ අල වෙයි කියලා හිතේ කුතුහලයක් තියෙන අයත් ගොඩාක් ඉන්න නිසා. රූට් කරන ගොඩක් ක්රම ගොඩාක් වෙබ් වල තියෙනවා සමහර ඒවා සමහර Phone වලට සාර්ථකයි සමහර ඒවා අසාර්ථකයි. ඉතින් මමනම් මේ ක්රමය පාවිච්චි කරලා ගොඩාක් Phones රූට් කරලා තියෙනවා දැනටනම් කිසිම අව්ලක් වෙලා නෑ. හොඳයි දැන් වැඩේට බහිමු.
මුලින්ම
කියන්න ඕනේ මේක කරද්දි සිද්ධ වෙන කිසිම දෙයකට මම වග කියන්නෙ නෑ. ඒත් මම කලින් කිව්වේ දැනටනම් කිසි අව්ලක් වෙලා නෑ. රූට් කරපු Phone එලකිරි වගේ වැඩ.
ඔයාල
ලග තියෙන Chinese සහ Original ඕනෑම Phone එකක් නියමෙට රූට් කරන්න පුලුවන්. Samsung Galaxy,
Sony Experia, HTC, Dialog i35 - i43, Huawei, LG, Micromax, Alcatel මේ වගෙ ඕනෑම මාදිලියේ Phones.
මුලින්ම
ඔය පහලින් තියෙන Software කෑල්ල Download කරගන්න.
ඉන්පසු
එය Open කර. Install කරන්න. පහත ආකාරයෙන් දිස්වේ.
දැන්
ඔබේ පරිගනකයට අන්තර්ජාල සබඳතාව ලබා දී පහත ආකාරයට ඔබේ දුරකථනයේ Settings සිදු කරන්න.
Settings ---- Applications ----
Unknown Sources හරි ලකුණ යොදන්න.
ඉන්පසු Back කර නැවත Applications වල අති Development තෝරා USB debugging කියන තැනට හරි ලකුණ යොදන්න.
ඉන්පසු
USB Data Cable එකෙන්
ඔබේ Phone එක පරිගනකයට සම්බන්ධ කරන්න.
ඉන්පසු
ඔබේ Phone එකට අදාල Drives සහ අනෙකුත් දෑ ඉබේ Download වෙයි. ඉන්පසු එය Save කර ගැනීමට Message එකක් දිස් වුවහොත් එය Yes ලෙස ලබාදෙන්න. ඉන්පසු Phone Model එක Software එකේ
දිස් වේ.
සමහරවිට ඔබට Phone Model එක නොපෙන්වුවහොත් ඔබ විසින්ම
Drivers Install කර ගැනීමට සිදුවේ. මම පහලින් දාලා තියෙනවා දැනට වැඩි දෙනෙක් පාවිච්චි කරන Phone Model වල Drivers ටිකක් වෙනත්
Phone Model තිබෙනම් ඔබට Search කර ලබා ගැනීමට සිදුවෙනවා.
Samsung Mobile Drivers
Sony Mobile Drivers
Huawei Mobile Drivers
Drivers දාගත්තයින් පසුව නැවත Phone එක පරිගනකයට සම්බන්ධ කර Root Software එක Open කර බලන්න.
ඉන්පසු
දකුණු කෙලවරේ ඇති කොලපාට Button එක Click කරන්න. පහත ආකාරයෙන් දිස්වේ.
ටික
වේලාවකින් අනතුරුව ඔබේ Smart Phone එක
Restart වෙයි. එවිට පහත ආකාරයෙන් දිස්වේ.
එහෙනම්
දැන් ඔයා සුපිරියටම ඔයගෙ Smart Phone එක සාර්ථකව Root කරගෙන අවසානයි. දැන් ඔයාට තහන්චි නෑ. SuperUser කෙනෙක් ඔයාට කැමති ගේම් එකක් Play කරන්න. තව විවිධ Apps දාගන්න. වගේ නිදහසේ Android පවිච්චි කරන්න පුලුවන්. නියමයි නේ....!!
එහෙනම්
මෙහෙම සුපිරි Android Trick එකක් කියලා දීලත් Comment එකක් නොදා යන්න එපා... දාලම යන්න.. ;) එහෙනම් මම කැපුනා අයෙම අලුත්ම Post එකකින් සෙට් වෙමු. Byee...!!
This comment has been removed by the author.
ReplyDeletethankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
ReplyDelete